Jan 08, 2021

ෂෙහාන් මෙරට ක්‍රිකට් පිටියෙන් සමුගනියි! Featured

එක්දින හා පන්දුවාර විස්සයි-20 යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා තමාව තෝරා නොගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ජයසූරිය සිය පවුලේ අය සමඟ ඇමරිකා එක්සත් ජනපදයට පදිංචියට යාමට තීරණය කර ඇති බැවින් එම තීරණය ගෙන ඇති බවද ඔහු දන්වා ඇත.
 
සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ෂෙහාන් ජාතික ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ තමාට ලබා දුන් අවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ස්තූතිය පුද කර තිබේ.

ශෙහාන් මෑතකදී විවාහ දිවියට එක්වූ අතර ඔහු විවාහ වූයේ ජනප්‍රිය ගායකයකු වන සමන් පුෂ්පවර්ණ හා ජනප්‍රිය නිළියක වන ඩිලානි අබේවර්ධන යන දෙදෙනාගේ දියණිය වන කවීෂා කාවින්දි සමඟය.

ඩිලානි හා සමන් මේවන විට සිටින්නේද ඇමරිකාවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top