Jan 10, 2021

සිඩ්නි හිදී වර්ගවාදී වාග් ප්‍රහාර, ICC ය හෙළාදකියි

සංචාරක ඉන්දීය පිල සමඟ සිඩ්නි නුවර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය අතරතුරේදී ප්‍රේක්ෂකයන් විසින් ඉන්දීය ජාතිකයන්ට එරෙහිව වර්ගවාදී වාග් ප්‍රහාර සිදුකිරීම, ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් හෙළාදැක ඇත.

ඊයේ (09) දිනයේදී ජස්ප්‍රිට් බුම්රාහ් හා මොහොමඩ් සිරාජ් හට මෙම වාග් ප්‍රහාරය එල්ල වී තිබුණු අතර, ඉන්දියාව විසින් නිල වශයෙන් පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අද දිනයේදී ද මෙවැනිම සිද්ධියක් හේතුවෙන් තරගය විනාඩි 10කට නතරකෙරුණු අතර, ප්‍රේක්ෂකයන් සයදෙනෙකු සිඩ්නි ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමටද බලධාරීන් කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ සඳහා සම්පූර්ණ සහය ලබාදෙන බවද ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top