ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගතකර ඇති බවද ඒ සඳහා මෙරට ක්‍රීඩකයින් 31 දෙනෙකු ද IPL වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බවද තරඟ සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
කෙසේවෙතත් ක්‍රීඩක වෙන්දේසි දිනට පෙර මෙම ලැයිස්තුව කප්පාදු කිරීමට සිදුවන බව තරග සංවිධායකයින් සඳහන්කර ඇත.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ IPL තරඟාවලිය ඩුබායි හිදී පැවැත්වු අතර මෙවර තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට හැකිවනු ඇති බව තරඟ සංවිධායකයින් මීටපෙර ප්‍රකාශකර තිබුණි.