Feb 10, 2021

ක්‍රිකට් ආයතනේ නිලධාරීන් හෙට කෝප් කමිටුව හමුවට Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හෙට (11) දිනයේ දී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් ) හමුවට කැඳවා ඇති බව එහි සභාපති චරිත හේරත් මහතා කියා සිටී.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top