Feb 10, 2021

ඔලිම්පික් එන තරඟකරුවන් දින 4කට වරක් කොරෝනා පරීක්ෂාවට Featured

කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෑම දින හතරකට වරක් කොවිඩ්-19 පරීක්ෂාවට ලක් කෙරෙන බවද පරීක්ෂණයේ දී ඔවුන් ධනාත්මක වුවහොත් තරග කිරීම තහනම් කරන බවද තරග සංවිධායකයින් නිකුත් කළ නවතම රීතින් හී දැක්වේ.

පිටු 33කින් යුත් මෙම ලේඛනය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන් තරග ඉසව්වලින් ඉවත් කළ හැකි රීති මාලාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අතර වැලඳ ගැනීම් හෝ අතට අතදීම් තහනම් කර ඇති අතර අත් සේදීමේ ද නීතියක් වේ.

වෛරසය වැළැක්වීමේ මෙම නීති කඩ කළහොත් ඔවුන්ව තරග ඉසව්වලින් ඉවත් කරනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top