Oct 31, 2016

මැතිව්ස්‌ට තුන්කොන් සටනත් මග ඇරෙයි

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියද ශ්‍රී ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට අහිමි වී යෑමේ අවදානමක්‌ ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සහභාගීත්වයෙන් සිම්බාබ්වේහීදී පැවැත්වේ.

ඒ අනුව එම තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීම බොහෝ දුරට උපනායක දිනේෂ් චන්දිමාල් විසින් දරනු ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ලබන දෙසැම්බර් මස පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්‌ක කර ගෙන මැතිව්ස්‌ට තවදුරටත් විවේකය ලබාදීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව සාකච්ඡා කරන බවද පැවසේ.

අනිද්දා (29) ආරම්භවීමට නියමිත ටෙස්‌ට්‌ තරග දෙකෙන් පසුව ලබන මස 14වැනිදා සිට නොවැම්බර් 23වැනිදා දක්වා අදාළ තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වේ.

-T'du-

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top