Feb 12, 2021

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 09ක් Featured

2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වැනිදා චෙන්නායි හිදී පැවැත්වෙන අතර, ඒ සඳහා මේ වනවිට ක්‍රීඩකයින් දෙසිය අනූ දෙදෙනෙකු කෙටි ලැයිස්තුවකට ඇතුළත් කර තිබේ.

අයි.පී.එල්. තරඟාවලියේ කණ්ඩායම් අට මගින් ඔවුන් තෝරා ගැනීමයි එහිදී සිදුවේ.

මෙම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකු ඇතුළත් වන අතර, පසුගියදා පැවති එල්.පී.එල්. තරඟාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් පිල නියෝජනය කළ යාපනයෙන් පැමිණි විජයකාන්ත් වියස්කාන්ත්ද ඊට ඇතුළත්ය.

අබුඩාබි ටී-ටෙන් තරඟාවලියේදී දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණ, කෙවින් කොත්තිගොඩ මෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක සහ ඉසුරු උදාන මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top