කාන්තාවන් පිළිබඳව “නුසුදුසු” ප්‍රකාශයන් සිදුකිරීම හේතුවෙන් දැඩි විවේචනයට ලක්වූ තෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප්‍රධානියා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.මෙලෙස සිය ධූරයෙන් ඉවත්වී ඇත්තේ ජපානයේ හිටපු අග්රාමත්යවරයෙකුද වන 83 හැවිරිදි යොෂිරෝ මොරි ය.
කාන්තාවන් ඕනෑවට වඩා කතා කරන බවත් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවන් සමග පැවැත්වෙන රැස්වීම් සඳහා දීර්ඝ කාලයක් වැය වන බවට ඔහු පසුගියදා පවසා තිබුණි.
මේ සමග ඔහුට තෝක්යෝ ඔලිම්පික් උළෙලේ අනුග්රාහකයන්ගෙන් ඇතුළු පාර්ශව රැසකගේ විවේචන එල්ල විය. මේ අතර, ප්‍රධාන අනුග්‍රාහක සමාගමක් වන ටොයොටා සමාගමද පවසා තිබුණේ මොරි මහතාගේ ඉහත ප්රකාශනය සම්බන්ධයෙන් කලකිරුණු බවයි.
තෝක්යෝ නගරාධිපතිනිය වන යුරිකෝ කොයිකෙ ද පවසා තිබුණේ මීට විරෝධය පෑමක් ලෙස තමා ඉහළ පෙළේ ඔලිම්පික් නිලධාරීන්ගේ රැස්වීමකට සහභාගී නොවන බවයි.
ජපන් මාධ්‍ය වලට අනුව, තෝක්යෝ ඔලිම්පික් උළෙල අතරතුර ස්වෙච්ඡා සේවා සඳහා ඉදිරිපත් වූ පුද්ගලයන් 400ක් පමණ සිය ඉල්ලුම්පත්‍ර ඉවත්කරගෙන තිබේ.
කෙසේවෙතත්, සිකුරාදා දිනයේදී මේ වෙනුවෙන් සමාව අයැද ඇති මොරි මහතා, සිය ධූරයෙන් ඉවත්වී තිබේ.
ඔහුගේ ධූරයට මීළඟ පත්වන්නේ කවුරුන්දැයි පිළිබඳව මේ දක්වා නිශ්චිත ලෙස සඳහනක් නොමැත.