Feb 13, 2021

ෆේල් අයට පාස් වෙන්න ක්‍රිකට් ආයතනයෙන් තව එක අවස්ථාවක්! Featured

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වූ ක්‍රීඩකයන්ට තවත් එක් අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දුකර ඇතැයි වාර්තා වේ.

එම පරීක්‍ෂණයෙන් ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයෝ අසමත් වී සිවුදෙනා අසමත් වූ අතර ක්‍රීඩයෝ 28ක් එය සමත් වූහ.

ධනංජය සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් හා ලහිරු තිරිමාන්න මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක් නොවුණි.

ඒ ධනංජය සහ අවිෂ්ක ආබාධ හේතුවෙන්ද, කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන් ද ළහිරු කොරොනා රෝගය වැළඳී සිටීම යන හේතු නිසාය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්වූ වූහ.

Fitness Test 002Fitness Test 002

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top