ඒ අනුව මුදල් විශුද්ධිකරණය යටතේ පසුගියදා අත්අඩංගුවට ගත් සචින් ජෝෂිගේ ගිණුම් තොරතුරු විශ්ලේෂණය කිරීම ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2020) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළේ සචින් ජෝෂිය.
එම තරගාවලියේදී අසාමාන්‍ය නිපන්දුවක් යොමු කිරීම හේතුවෙන් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරගෙන් ICC දූෂණ මර්ධන ඒකකය ප්‍රශ්න කර තිබුණු අතර මේ සිද්ධිය මුලින්ම හෙළි කරනු ලැබුවේ අප විසිනි.
මාලිංදට තරග පාවාදීමේ චෝදනාවක්!
එමෙන්ම එම සිදුවීමෙන් පසු තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම ඔහුට අහිමි විය.
මේ වන විට ඉන්දීය ව්‍යාපාරික සචින් ජෝෂිට ඉන්දීය රුපියල් කෝටි 1500 ක් මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා එල්ලවී තිබේ.
ඒ අතරින් ඉන්දීය රුපියල් කෝටි 87 ක් උපයාගෙන ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියෙදී බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම දිනා ගත්තේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පරාජය කරමිනි.
ඊළඟ LPL එකට governing body එකක්!
මේ අතර, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා 10 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු LPL තරගාවලි නියාමනය කිරීම වෙනුවෙන් විශේෂ පාලක මණ්ඩලයක් (governing body) පත් කිරීම කටයුතු සිදු කරන බවයි.
සබැඳි පුවත්
LPL ගහන මාලිංදගෙන් දූෂණ විමර්ශන ඒකකය කටඋත්තර ගනියි!