Feb 19, 2021

මෙවර IPL තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයන් නෑ! Featured

2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (18) දා චෙන්නායි හිදී පැවති අතර, මෙවර තරගාවලියේ තරගවදින කණ්ඩායම් අට සඳහා කිසිඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසි වී නැත.

වෙන්දේසි වීමට නියමිතව පැවති ක්‍රීඩකයන් ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකු ඇතුළත්ව සිටි අතර, ඔවුන් කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක, ඉසුරු උදාන, මහීෂ් තීක්ෂණ, කෙවින් කොත්තිගොඩ හා විජයකාන්ත් වියස්කාන්ත් විය.

මේ අතර, ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම මිලක් නියම වු ක්‍රීඩකයා බවට ක්‍රිස් මොරිස් පත්විය.

ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදි ඉන්දිය රු. කෝටි 16.25 කට ඔහුව මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිළ කටයුතු කර තිබුණි.

මීට පෙර වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ යුවරාජ් සිං ය. වසර 2015දී දිල්ලි ඩෙයාඩෙවිල්ස් පිල විසින් ඔහුව ඉන්දීය රු. කෝටි 16කට මිලදී ගෙන තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top