Feb 19, 2021

වාස් යළිත් ජාතික පිල සමඟ එක්වෙයි Featured

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.  

චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් මහතා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීම හේතුවෙන් කොදෙව් සංචාරය සඳහා චමින්ද වාස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නම් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top