ජාතික තේරීම් කමිටු සභාපති වරයා වන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යෝජිත නම් අතර වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තේරීම් කමිටුවේ සභාපති ධූරයට නුසුදුස්සකු බව දිගින් දිගටම පැවසීම මෙම ප්‍රමාදයට හේතුව වී තිබේ.
ඔහුට මේ සඳහා බලපෑම් සිදු කරන්නේ යුද හමුදා මේජර් වරයකු ලෙස හමුදාවට බඳවා ගත් තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳගේ බලවත් පෙළඹවීම නිසා බවත් වාර්තා වේ.
තිසර පෙරේරා මෙසේ ප්‍රමෝද්‍ය සමග උරණ වී ඇත්තේ පසුගියදා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකදී අසමත් වුවත් ක්‍රිකට් ආයතනයේ අභ්යාසකයන්ට පගාව දී ඔහු ඉන් සමත් කළ බවට වාර්තා කිරීම ප්‍රමෝද්‍ය විසින් සොයාගෙන එය වාර්තා කිරීම නිසාය.
ඉන් පසු අදාල පරීක්ෂණය සිදු කළ දේශීය හා විදේශීය අභ්‍යාසකයන් දෙදෙනාම සේවයෙන් පහ කරන ලදී.
කෙසේවුවද, මෙම පටලැවිල්ල හේතුවෙන් නිල තේරීම් කමිටුවක් නොමැතිව කලින් සිටි තේරීම් කමිටුවේ දෙදෙනකු ලවා කොදෙව් සංචාරයට කණ්ඩායම තෝරා ගෙන ඇත.
දකුණු අප්‍රිකා සංචාරයට මෙන්ම කොදෙව් සංචාරයටද මේ අනුව කණ්ඩායම තෝරා ඇත්තේ නීත්‍යානුකූලව නොවේ.