මේ වන විට 38 හැවිරිදි ඩෑන් කාටර් නවසීලන්තය නියෝජනය කරමින් රග්බි තරග 112කට ක්‍රීඩා කර තිබේ.
රග්බි පිටියට සමුදෙන දිනය වන විට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ රග්බි ක්‍රීඩකයාගේ වාර්ථාවද තමන් සතු කරගෙන සිටින්නේ ඩෑන් කාටර් විසිනි.
නවසීලන්තය 2011 වසරේදී සහ 2015 වසරේදී රග්බි ලෝක කුසලානය දිනාගන්නා විට එම කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද කාටර්ට හිමිවිය.කාටර්, 2015 ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති අවසන් මහා තරගයේදී තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය අවස්ථා තුනකදී හිමිකරගැනීමට ඩෑන් කාටර් සමත්වේ.