Feb 25, 2021

සීලරතන හිමිගේ ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් භාර දුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ නොවීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවීම ඇතුළු අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් උන්වහන්සේගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

සීලරතන හිමියන් නාමයෝජනා භාරදී තිබුණේ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි.

මැයි 20දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාරදීම ඊයේ පස්වරුවේදී අවසන් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top