Mar 02, 2017

මුෂ්ෆිකුර් ලංකාවෙදි කඩුලු රැකීම අත්හරියි !

මෙම මාසයේදී ආරම්භ වන ශ්‍රී ලංකා සංචාරයට බංගලාදේශ ක්‍රීකට් ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් කඩුලු රකින ක්‍රීඩකයා ලෙස එක්නොවන බව වාර්තා වේ.
රහීම් මෙම තරගාවලියට එක්වන්නේ විශේෂඥ පිතිකරුවෙකු ලෙස පමණක් බව බංගලාදේශ කළමනාකරු කලේඩ් මොහොමඩ් පවසන බව ක්‍රික්ඉන්ෆො වෙබ්අඩවිය වාර්තා කරයි.
 
බංගලාදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොහොමඩ් පවසා ඇත්තේ මේ පිළිබඳව රහීම් ව දැනුවත් කිරීමට තමා හා කණ්ඩායම් පුහුණුකරු වන චන්දික හතුරුසිංහ කටයුතු කළ බවයි.
 
මේ අනුව, බංගලාදේශ පිළේ කඩුළු රකින ක්‍රීඩකයා ලෙස ලිටන් දාස් එක්වනු ඇකි බව ක්‍රික්ඉන්ෆො වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top