Apr 02, 2021

ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් Featured

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ඊයේ (01) පළ කර ඇති අංක 2221/56 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම පත්කිරීම නිවේදනය කර ඇත.

නිල කාලය දීර්ඝ කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය අප්‍රේල් 05දා අවසන් වන බවත්, මැයි 20දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් සහා අවශ්‍ය පරිපාලනමය හා අවැසි කටයුතු සිදුකිරීම සඳහා අප්‍රේල් 06 සිට මැයි 20 දක්වා මෙම කළමනාකරණ කමිටුව ක්‍රියාත්මක වන බවත් එහි දැක්වේ.

මෙම කමිටුව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත වේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා (ලේකම්), සුජීව මුදලිගේ (භාණ්ඩාගාරික), උචිත වික්‍රමසිංහ (කමිටු සාමාජික) හා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය (නිරීක්ෂක) මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top