Apr 03, 2021

අර්ජුනගේ වසර 24ක වාර්තාවක් බිඳ වැටෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් පිහිටවනු ලැබු වාර්තාවක් වසර 24 කට පසු අද (03) බිඳ වැටුණි.

ඒ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීය. 

එලෙස දිමුත් කරුණාරත්න විසින් බිද හෙලනු ලැබුවේ විදෙස් රටකදී ශ්‍රී ලංකා නායකයෙකු ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේදී රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවය. එහිදී දිමුත් කරුණාරත්න කොදෙව් දෙවැනි ඉනිමේදී ලකුණු 75ක් රැස් කළේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අර්ජුන රණතුංගද අදාල වාර්තාව බිහි කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. ඒ, 1997දී ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 72ක් රැස් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top