May 01, 2021

ශා.තෝමස් කොවිඩ් පොකුරක්!

ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රිකට් පිලේ තවත් ක්‍රීඩකයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මීට පෙර එම පිලේ ක්‍රීඩකයන් සිවුදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කොළඹ රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර මේ මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ 'නිල් මහා සටන' ක්‍රිකට් තරගය යළි දැනුම් දෙන තුරු කල් දැමීමට දෙවිදුහලේ මහා තරගයේ ඒකාබද්ධ ක්‍රිකට් කමිටුව විසින් තීන්දු කර තිබිණි.

කෙසේවුවද, මේ තරගය සඳහා දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එම කමිටුව මීට පෙර නිවේදනය කර තිබිණි.

මේ තරගය කෙසේ හෝ පැවැත්වීම සඳහා 'බබල්' ක්‍රමවේදයට අනුව මේ දෙවිදුහල්වල ක්‍රීඩකයන් හෝටල්වල තබාගෙන තිබුණද, ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන් සිවුදෙනෙකුට ඒ අතර තුරදී කොවිඩ් රෝගය ආසාදනය වී තිබිණි.

මෙවර 'නිල් මහා සටන' මැයි 06-08දා දක්වා හම්බන්තොට දී පැවැත්වීමට මීට පෙර කටයුතු යොදා තිබුණි.

කෙසේවුවද, මීට දින කිහිපයකට පෙර රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායම් ක්‍රීඩකයන් තිදෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත් :
 
 

රාජකීය විදුහල් රග්බි පිලේ කිහිපදෙනෙකුට කොරෝනා !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top