May 02, 2021

ක්‍රීඩකයෙකුට කොවිඩ් නිසා ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සමග තරගය අත්හිටුවයි 

ක්‍රීඩකයෙකුට කොවිඩ් වැළඳීම නිසා මැයි 04දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය අවලංගු කර තිබේ.
 
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන  පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර මෙම තරගය, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
 
මෙම ක්‍රිකට් තරගයෙන් උපයා ගනු ලබන සියළුම මුදල් කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන වෙනුවෙන් බැර කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කර තිබුණි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top