ශ්රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 494 ට පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයට සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 312ක් පමණි.
රංගන හේරත් (3/72) හා දිල්රුවන් පෙරේරා (3/53) එක්ව බංග්ලාදේශ ඉනිමේ කඩුලු 6ක් බිඳ හෙලීය.
කෙසේවුවද, හත්වැනි කඩුල්ල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් (85) හා හසන් මිරාස් (41) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සබඳතාවක් ගොඩ නැගූහ.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා මුෂ්ෆිකර් රහීම්.
එය ලංකාවට එරෙහිව බංග්ලාදේශය පිතිකරු යුගයක් තැබූ පස්වැනි හොඳම සබඳතාවයයි.
වර්ෂාව නිසා අද තරගය කලින් අවසන් කළ අතර හෙට තරගය 9.45ට ආරම්භවීමට නියමිතය.
හෙට (10) තරගයේ අවසන් දිනයයි.
ඡායාරූපය - ක්රික්ඉන්ෆෝ