Jun 08, 2021

LPL වලට කොරෝනා හරහට ඉඳියි  Featured

ඉදිරියේදී පැවැත්වීමට තීරණය කර තිබූ ලංකා පි‍්‍රමියර් ලීග් දෙවැනි අදියර කල් දැමීමට තීරණය කර තිබේ. වර්තමානයේදී රටේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අවධාරණය කර සිටියි.

ලංකා පිමියර් ලීග් දෙවැනි අදියර ලබන ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 දක්වා පැවැත්වීමට තීරණය වී තිබිණි. 

ඒ අනුව මේ වනවිට රටේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අදාළ තරගාවලිව ලබන නොවැම්බර් මස සහ දෙසැම්බර් මස කාල සීමාවේදී පැවැත්වීමට අදහස් කරන බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් දන්වා සිටියි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි - 20 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියද මේ සඳහා බලපෑ බවට එහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top