Jun 09, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තයට පිටත් වෙයි (ඡායා) Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි 20 තරග තුන බැගින් වන තරග සංචාරයට සහභාගිවීම සඳහා අද (09) අළුයම එංගලන්තය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සාමාන්‍යයෙන් මේට්ලන්ඩ් පෙදෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මූපස්ථානයෙන් සංචාරවලට පිටත්වීම සිදුකරතත් මෙවර ‘කොවිඩ්’ අවදානම හේතුවෙන් ඔවුන් පිටත්ව ගියේ නවාතැන් ගෙන සිටි හෝටලයේ සිටමය.

වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැවැති ගැටලුවට ස්ථිර විසඳුමක් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම සංචාරයට සහභාගි වීම විශේෂිතය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි 20 තරගය මේ මස 23 වැනිදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිතය.

Player1 670px 21 06 08Player1 670px 21 06 08Player1 670px 21 06 08Player1 670px 21 06 08Player1 670px 21 06 08Player1 670px 21 06 08

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top