OPEN

#

OPEN

#

Mar 13, 2017

ආරාධනා කළොත් හතුරු මිතුරුවන බව කියයි

තම දිගින් දිගටම බංග්ලාදේශ කණ්ඩායම සමග සිටීමට අදහස් නොකරන බවත් ආරාධනාවක් ලැබුණහොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එන බවත් මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා වත්මන් බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

ඔහු මේ බව පවසා තිබුණේ දිවයින පුවත්පත සමග පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

වත්මන් ක්‍රිකට් පාලක මණ්‌ඩලයෙන් ආරාධනවක් ලැබුණහොත් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණෙන බවද ඔහු සඳහන් කර තිබේ.

“ඔව්. අනිවාර්යයෙන්ම එනවා. මොකද අද මම මේ තැනට ඇවිල්ල ඉන්නේ ලංකාවෙ ක්‍රිකට්‌ ගහල ඉගෙන ගත්ත දේවල් නිසානේ. අවුරුදු විස්‌සක්‌ විතර ලංකාවෙන් ඉගෙන ගෙන පස්‌සේ ඔස්‌ටේ්‍රලියාවට ගිහිල්ල එහෙ තියෙන දේවලුත් ඉගෙන ගත්තා. නමුත් ලංකාවට ඕනම වෙලාවක ආරාධනා කළොත් මම සතුටින් එනවා රටට දෙයක්‌ කරන්න.”

ඔහුට ශ්‍රී ලංකා පිලේ ශැඩෝ පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව ක්‍රිකට් පාලනාධිකාරය විසින් ඔහුට ආරාධනා කර තිබේද යන ප්‍රශ්ණයට ඔහු ලබා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“මේ කමිටුව නෙමෙයි. සිදත් වෙත්තමුණි ක්‍රිකට්‌ අතුරු කමිටුවේ ඉන්න කාලයේ මට කතා කරල ඇහැව්වා බංග්ලාදේශය සමඟ තව කොන්ත්‍රාත්තුව කොච්චර තියෙනවද. එහෙන් ගෙවන ගාණ කීයද කියලා. ඒ ඇරෙන්න මෙහෙට එන්න කියලම ආරාධනා කළේ නැහැ.”

අවසන් වශයෙන් හතුරුසිංහ මහතා සිය ඉලක්කය පිළිබඳව අදහස් දක්වා ඇත්තේ මෙසේය :

“2019 වෙන කොට බංග්ලාදේශ පිල 1996 දී ශ්‍රී ලංකාව ආපු තැනට ගෙන ඒම තමයි මගේ ඉලක්‌කය. ඒ කොහොම වුණත් හැමදාම බංග්ලාදේශයේ එල්ලිලා ඉන්න මම අදහස්‌ කරන්නේ නැහැ. අස්‌වෙලා යන්නෙත් නැහැ. හැබැයි මට ඕන දේ කරන්න බැරිනම් මම හෙට වුණත් අස්‌වෙලා යනවා. දැනට එහෙම තත්ත්වයක්‌ නැහැ.”

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top