Jul 19, 2021

ක්‍රිකට් විශේෂ රැස්වීම කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන්ගේ හා හිටපු ක්‍රිකට් නායකයින්ගේ ද සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද (19) පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්වීම ලබන අගෝස්තු මස (02) වැනිදා දක්වා කල්දමා තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතව සිටි‌ බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top