ඒ, ඔවුන්ගේ ‘Know & Grow’ ව්‍යාපාරයේ කොටසක් ලෙසයි.
මේ අනුව, ක්‍රිකට් ක්‍රීඩාව හා පාසැල් ක්‍රිකට් සමය පිළිබඳව කරුණු පළ කිරීම සඳහා DFCC බැංකුව, මෙරට ක්‍රීඩා වෙබ්අඩවි අතර ප්‍රමුඛතම ස්ථානයක් ගන්නා ‘ද පපරේ’ වෙබ් අඩවිය හා එක්ව තිබේ.
මේ අනුව, පාසැල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරග 10ක් පිළිබඳ අතීත හා වත්මන් තොරතුරු, ලකුණු ඇතුළු විස්තර රැසක්, දෙස් විදෙස් ජනයාගේ දැනුම උදෙසා පළ කිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදුකෙරේ.
මෙම හවුල සම්බන්ධයෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී - අර්ජුන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව, මෙරට සංස්කෘතියේ වැදගත් අංගයක් ලෙස DFCC බැංකුව සලකන බවත් ‘ද පපරේ’ වෙබ් අඩවිය හා එක්ව සිදුකරන මෙම කර්තව්‍යය පිළිබඳව ඉතා සතුටු වන බවත්ය.