Aug 10, 2021

භානුකට ආරාධිත විස්සයි 20ත් අහිමිවෙයි

භානුක රාජපක්ෂට එළැඹෙන ආරාධිත විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලිය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

නිමාවූ ඉන්දීය තරගාවලියේදී සිදු වූ ඇඟිල්ලක ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් භානුකට මෙම තරගාවලිය අහිමිවන බව එහිදී ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් වැඩිදුරටත් වාර්තා කර සිටී.

එළැඹෙන දකුණු අපි‍්‍රකානු තරගාවලිය සහ විස්සයි - 20 ලෝක කුසාලන තරගාවලිය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් තරගය ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව එම තරගාවලියේදී දසුන ශානකගේ නායකත්වයෙන් යුත් ගේ‍්‍ර කණ්ඩායමේ සංචිතය සංඳහා භානුක රාජපක්ෂ නම් කර තිබිණි.

කෙසේ වෙතත් භානුකගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් තව දුරටත් වෛද්‍ය ප‍්‍රතිකාර සිදු කිරීමට නියමිත බවත් අදාළ ආරාධිත ක‍්‍රිකට් තරගාවලියට කී‍්‍රඩා නොකරන ලෙසත් භානුකට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවට සඳහන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top