Aug 10, 2021

සමරවීරගේ සේවය නවසීලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදපෙළ පිතිකරුවෙක් වන තිලාන් සමරවීර ව තම පුහුණුකරුවෙක් ලෙස පත්කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ සහ පාකිස්තාන සංචාර සඳහා සමරවීරගේ සේවය ලබා ගැනීමට ඔවුන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 81ක් ක්‍රීඩාකර ඇති 44 හැවිරිදි තිලාන් සමරවීර මෙරටින් බිහිවූ සාර්ථකම ටෙස්ට් පිතිකරුවෙක් ලෙස සැලකේ.ඔහු ටෙස්ට් ශතක 14ක් ද සමගින් ලකුණු 5,462ක් රැස්කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top