මේ තරගය හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගනයේදී ලබන සැප්තැම්බර් 9,10,11 යන තෙදින තුළ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය හිමිව තිබිණි.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව බයෝ බබල් එකක් තුළ එම තරගය පැවැත්වීමට අවසරය ලබාදී තිබිණි.
එම තරගය මෙලෙස කල් දැමූ 2වැනි අවස්ථාව මෙය වේ.
මීට පෙර ද මේ තරගය ඉකුත් මැයි මාසයේදී පැවැත්වීමට සැලැසුම්කර තිබූ අතර එහිදී ක්රීඩකයකන් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතවීම නිසා එය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා විසින් පසුගිය ජූලි 19 වැනිදා මේ තරගය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙය පැවැත්වීමට අවසර ලබාදී තිබිණි.
සබැඳි පුවත්
නිල් මහ සටනට සැප්තැම්බර් 9,10 හා 11; සෞඛ්‍ය අනුමැතියත් ලැබෙයි
142 වැනි රාජකීය හා ශාන්ත තෝමස් විදුහල් අතර නිල් මහ හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය නැවත දින නියමයන් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වේ.
Last modified on Sunday, 15 August 2021 07:08
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362