Aug 15, 2021

කුසල්, ධනුෂ්ක හා නිරෝෂන් ඇමරිකාවට!

විනය කඩකිරීමේ චෝදනා එල්ලව වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිකල සහ නිරෝෂන් දික්වැල්ල යන තිදෙනා ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෑමට සූදානම් වන බව වාර්තා වේ.

ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු මෙහි සම්බන්ධීකරණය කටයුතු සිදු කරන බවද පැවසේ.

මෙම ක්‍රීඩකයන් තිදෙනාට පනවා ඇති රුපියල් කෝටිය බැගින් වන කෝටි තුනක දඩ මුදල මේ දක්වා ගෙවා නොමැති බවත් මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ඔවුන්ට ගෙවා නොමැති මුදල්වලින් එය අයකර ගැනීමේ හැකියාව ඇති බවද ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top