අන්තර් ක්‍රීඩා සමාජ ප්රමුඛ පෙළ එක්දින තරගාවලිය සැප්තැම්බර් 05 වැනිදා ද, ලීග් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා ද ආරම්භ කිරීමට දින නියම කර තිබිණි.
සාමාන්‍යයෙන් මේ තරගාවලි දෙකම සමගාමීව පවත්වන අතර එම තරගාවලි දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය සැලැසුම්කර තිබිණි.
ලීග් තරගාවලිය ඒ හා බී වශයෙන් කණ්ඩායම් 13 බැගින් කෙටස් දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එම කෙටස් දෙකේම අවසන් මහා තරගය දින 4ක තරගයක් ලෙස පැවැත්වේ.
රට පුරා කොරෝනා ව්‍යාප්තිය ඉහල යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලි කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
Last modified on Wednesday, 18 August 2021 07:13
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362