Mar 18, 2017

එක්දින තරඟාවලියේ නායකත්වය තරංගට

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග නම් කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවස්, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේශ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනුශ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top