Aug 22, 2021

මහේල තවත් කුසලානයකට සම්මාදම් වෙයි!

එංගලන්තයේ  පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.

පන්දු 100 තරගාවලියේ අවසන් මහ තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් මහේල නියෝජනය කළ යුත් සදර්න් බ්‍රේව් කණ්ඩායම ලකුණු 168/5ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායමට පන්දු 100 කදී කඩුලු 5කට රැස්කළ හැකිවූයේ ලකුණු 136ක් පමණි.

සදර්න් කණ්ඩායම වෙනුවෙන් පන්දු 36කදී වේගවත් ලකුණු 61ක් රැස්කළ පෝල් ස්ටර්ලින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top