Aug 22, 2021

ඇෆ්ගන් පාපන්දු ක්‍රීඩිකාවන් බේරගන්න උදව් දෙන්නැයි ෆීෆා ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයේ සිටින පාපන්දු ක්‍රීඩිකාවන් වහාම එරටින් ඉවත් කරගැනීමට පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන අන්තර් ජාතික ආයතනය වන ෆීෆා විවිධ රට වල රජයන්ගෙන් ඉල්ලා සිටියි.
 
මේ සම්බන්ධයෙන් ෆීෆා සම්මේලනය රජයන් ගණනාවකින් ලිඛිතව ඉල්ලා ඇති බව වාර්තා වේ.
 
ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය අස්ථාවර හා ඉතා කනස්සලුදායක බව ෆීෆා සම්මේලනය කියා සිටියි.
 
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීමෙන් පසු සිය ජීවිත වලට එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන් ඇෆ්ගන් පාපන්දු ක්‍රීඩිකාවන් බියෙන් සිටින අතර, බොහෝ ක්‍රීඩිකාවන් මේ වන විට සැඟවී සිටියි.
 
මේ සම්බන්ධයෙන් පාපාන්දු ක්‍රීඩක සංවිධානයක් වන ෆිෆ්ප්‍රෝ සංවිධානයට සහය පතා ඇත.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top