ඒ මහතා ක්‍රික්බස් වෙබ් අඩවියට පවසා ඇත්තේ ඔවුන් දෙදෙනොගෙන් කිසිවෙකුත් ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගැනීමක් සිදු කර නොමැති බවත්, IPL තරගාවලියට ඔවුන් තෝරා ගෙන ඇති බවට ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් දැනුවත්ව නොමැති බවයි.
“මම දන්නේ නැහැ, මට පරීක්ෂා කරන්න සිදු වෙනවා. මෙම මාසය අවසන් වන තුරු අපි ඉන්නේ රට වසා දැමීමක් තුළයි...අපි තවමත් කිසිදු තීරණයක් ගෙන නැහැ. ඔවුන්ට සිද්ධවෙනවා අවසර ගැනීම සදහා අයදුම් කරන්න. මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ගැන අපි දැනුවත් වීමක් වෙලා නැහැ, ඔවුන් අපෙන් අවසර ඉල්ලා නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.