හක්දින ජාත්‍යන්තර තැග තතුනකින් සමන්විත මෙම තරගාවලිය මුලින්ම පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ශ්‍රී ලංකාවේදීය.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩල වල නිලධාරීන් සාකච්ඡා පවත්වා ඇති අතර, තරගාවලිය පකිස්තානයේ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මුලින් සාකච්ඡාවට ලක්ව තිබේ.
ඇෆ්ගනිස්තානයේ පාලනය තලෙයිබාන් සංවිධානය යටතට පත්වීමෙන් පසුව පවතින වාතාවරණය හේතුවෙන් එහි ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය යහපත් නොමැති බවත්, තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගමනාගමන අභියෝග වලට මුහුණදීමට සිදුවනු ඇති බවත් මෙම නිලධාරීන් එකඟ වී ඇති අතර, ඒ අනුව තරගාවලිය දින නියමයක් නොමැතිව කල්ගොස් තිබේ.
ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය දින නියමයකින් තොරව කල්දමා ඇතැයි වාර්තා වේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබුණේ මෙම තරගාවලිය ලබන වසරේදී පැවැත්වීමට දෙරට උත්සහ කරන බවයි.
"ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය ගැටලු, කාබුල් හි ගුවන් මෙහෙයුම් අත්හිටුවීම්, විකාශන පහසුකම් නොමැතිකම සහ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් වැඩි වීම යන හේතු මත ලබන මාසයේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දමන ලෙස ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදුකරන ලද ඉල්ලීම පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිළිගෙන ඇත. මෙම තරගාවලිය 2022දී යළි පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල උත්සාහ කරනු ඇත," යැයි එහි දැක්වේ.
Last modified on Wednesday, 25 August 2021 07:27
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362