Aug 24, 2021

අදින් ඇරඹෙන පැරාලිම්පික් උළෙලට ලංකාවෙන් 9ක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙල අද (24) ජපානයේදී ආරම්භ වීමට නියමිතය.

මේ සමග දෙවරක් පැරාලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබාදුන් පළමු නගරය ලෙස තෝක්යෝ අගනුවර ඉතිහාසගත වේ. මීට පෙර පැරාලිම්පික් උළෙලක් තෝක්යෝ අගනුවරදී පැවැත්වූයේ 1964දීය.

මෙවර පැරාලිම්පික් උළෙලට, ලොව පුරා ජාතික පැරාලිම්පික් කමිටු 162කින් තරගකරුවන් 4,400ක් සහභාගී වීමට නියමතය..

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු මෙවර තරගාවලිය සඳහා සහභාගීවනු ඇති අතර, ඉතිහාසයේ පළමු වරට ඔරුපැදීමේ තරග සඳහා ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

2016 රියෝ ඔලිම්පික් උළෙලේදී හෙල්ල වීසි කිරීම – පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නම් කර ඇත.

ඔහුට අමතරව දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර / හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් ලෙස සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි / මළල ක්‍රීඩිකා කුමුදු ප්‍රියංකා / යගුලිය වීසි කිරීමේ ඉසව්වට සමන් සුබසිංහ / රුවල් ඔරු ක්‍රීඩාව වෙනුවෙන් මහේෂ් ජයකොඩි සහ රෝද පුටු ටෙනිස් ඉසව්ව වෙනුවෙන් ඩී.එස්. ධර්මසේන ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top