Aug 26, 2021

මහ පාන්දර දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල ලංකාවට ඇවිත් (වීඩියෝ) Featured

ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.15ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.

ජෛව ආරක්ෂක බුබුලක් ලෙස මෙම ක්‍රිකට් තරග සංචාරය තුළ මෙම ක්‍රීඩකයන් කටයුතු කිරීමට නියමිතය.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිස කටුනායක සිට කොළඹ බලා රැගෙන ගොස් ඇත්තේ ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top