Aug 30, 2021

ලංකාවට තවත් පැරාලිම්පික් පදක්කමක්!

ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

පිරිමි හෙල්ල විසිකිරීම - එෆ් 64 ඉසව්වෙන් මීටර් 65.61 ක් හෙල්ල විසි කරමින් ශ්‍රී ලංකාවේ දුලාන් කොඩිතුවක්කු විසින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.

මේ, අද දිනයේදී ශ්‍රී ලංකාව ලබාගත් දෙවැනි පැරාලිම්පික් පදක්කමයි.

අද පෙරවරුවේදී නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් හෙල්ල විසිකිරීම - එෆ් 46 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

සබැඳි පුවත් :
පැරාලිම්පික්හිදී ලාංකික ක්‍රීඩකයකුගෙන් ලෝක වාර්තාවක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top