ඔහු එම නිලයට උසස් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඔහු රටට අත් කර දුන් ගෞරවය අගය කරමින් මෙම නිලය පිරිනැමූ බව හමුදාපතිවරයා සඳහන් කළේය.
(අද)
පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සාජන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් වොරන්ට් ඔෆිසර් නිලයට අද (30) උසස් කරනු ලැබීය.
Last modified on Tuesday, 31 August 2021 07:38
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362