Sep 02, 2021

පැරාගිය හේරාට කෝටි 5යි, කොඩිතුවක්කුට කෝටි 2යි

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම හිමිකරගත් යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටි 5ක ත්‍යාග මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඔලිම්පික් හා පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වෙයි.

දිනේෂ්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාටද රුපියල් ලක්ෂ 165ක් පිරිනැමීමට නියමිතය.

ඊට අමතරව හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් තවත් ලෝකඩ පදක්කමක් හිමිකරගත් දුලාන් කොඩිතුවක්කු වෙතද රුපියල් කෝටි 2ක මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top