පන්දු රැකීම පුහුණු කිරීමට පුහුණුකරුවන් සිවුදෙනෙකු මෙන්ම උසස් කුසලතා වර්ධනයට ද අයෙකු රුපියල් ලක්ෂ ගණනක් වියදම්කර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙන සිටියදී ලංකාවේ පන්දු රැකීම බිංදුවට වැටීමද මේදිනවල ක්‍රිකට් කේෂත්රයේ කතාබහට ලක්ව තිබේ.
කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව පරාජයට පත් තරගයේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේ මනෝජ් ය.
වත්මන් පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් සේවයට බඳවාගත් අවස්ථාවේදී පන්දු රැකීමට විදෙස් පුහුණුකරුවකු අවශ්‍ය බවට මොරගැසූ ක්‍රිකට් බලධාරීන් එසේගත් පුහුණුකරු නික් පෝතාස් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පුහුණු කිරීමට යොදවා ඇති බව පැවසේ.
මේ අතර, පසුගිය කාලයේ ක්‍රිකට් පිටියට භීතිය හා ත්‍රාසය මුසුකළ නුවන් සෙනවිරත්න නොහොත් බව්වා ද ශ්‍රී ලංකා පිලේ පන්දුරැකීමේ පුහුණුකරු කමින් ඉවත්කර ඇති බව පැවසේ.
බව්වා පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ ආර්.ප්‍රේමදාස පිටියේදී එහි සේවිකාවකට කොලරයෙන් අල්ලා පහදීමට යාම හා වත්මන් තේරීම්කමිටු සාමාජික හා එවකට ඒ පිලේ පුහුණුකරු වූ රොමේස් කළුවිතාරණගේ කොන්ද කඩන බවට බැණ තර්ජනය කිරීම නිසාය.
එසේම කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි පන්දු රැකිමේ පුහුණුකරුවකු ලෙස සිටින උපුල් චන්දනගෙන් වැඩක් නොගන්නා බව මේවන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.
ඔහු ජාත්‍යන්තර තලයේද සිටින දක්ෂම පන්දු රැකීමේ උපදේශකයෙක් සේ සැලැකේ.
“විලී” විලිලැජ්ජ නැතිව නිවාඩුවකට ගෙදර ගිහින්
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කසලතාවන් හඳුනා ගැනීමට හා වර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එක්කරගෙන ඇති උසස් කුසලතා කළමනාකරු සයිමන් විලී නිවාඩු ගොස් ඇතැයිද පැවසේ.
ලංකාවේ ප්‍රධාන ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙද්දී විලී සිය උපන්දිනය සැමරීමට දෙසතියක නිවාඩුවක් ගෙන එංගලන්තයට ගොස් සිටින බවද මේ අතර වාර්තා වේ.
මෙවැනිම තාලයේ වැඩක් පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව සමඟ තරගවදිද්දී ද සිදුවූ අතර ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා පන්දු රැකිමේ පහුණුකරු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිලේ පහුණුකරු ලෙස එක්කර තිබිණි.
නිලධාරීන්ගේ උද්දච්චකම
මේ අතර, හිටපු ක්‍රීඩා ඇමති නවීන් දිසානායක මහතා ෆේස්බුක් පණිඩුඩයක් යොමුකරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උද්දච්චකම පැත්තකින් තබා තමා කියූ දේ ගැන නැවත සිතා බැලිය යුතු බව කියා සිටී.
නවීන්ගේ ෆේස්බුක් පණිවුඩය

සබැඳි පුවත්