Sep 07, 2021

අට වසරකට පසුව ද. අප්‍රිකාවට එරෙහිව ලංකාවට එක්දින තරගාවලි ජයක්

තුන්වන හා අවසන් එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 78 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජයගනු ලැබුවේ වසර 08කට පසුවය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 30 කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ ප්‍රේමදාස තණ තිරුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ චරිත් අසලංක ලකුණු 47ක් රැස් කළේය.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ තමන් යොමුකළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

මහේෂ් තීක්ෂණ සමස්ත තරගයේදීම ලකුණු  43කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත්වූ අතර ඔහුගේ පන්දුයැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය.

ඔහු දවාගනු ලැබුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටි ජී. මාලන්ය.

කෙසේ වෙතත් මෙම දක්ෂතාව මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනෙකු විසින්ම පෙන්වා තිබුණි.

චරිත බුද්ධික - 2001 - සිම්බාබ්වේට එරෙහිව
කෞෂල්‍ය ලොකුආරච්චි - 2002 - කෙන්යාවට එරෙහිව
තිලාන් තුෂාර - 2007 - කොදෙව්වන්ට එරෙහිව

SL SA Final

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top