ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමඟය.
නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ එහි පස්වැනි ස්ථානයේය.
ශ්‍රී ලංකාව එක්දින තරග 15කට ක්‍රීඩා කරමින් තරග 4ක් ජයගෙන තරග 10ක් පරාජයට පත්ව තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.
මේ අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 42ක් හිමිව ඇති අතර එහි පෙරමුණේ පසුවන එංගලන්තය තරග 15ක් ක්‍රීඩා කර තරග 9ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95ක් හිමිකරගෙන සිටී.
ශ්‍රී ලංකා කණ්ඩායම ICC සුපර් ලීග ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
Last modified on Thursday, 09 September 2021 07:24
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362