Sep 11, 2021

විස්සයි 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි Featured

2021 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.

මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට රටවල් සිය සංචිත ප්‍රකාශයට පත් කරමින් සිටී.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වයේ වගකීම පැවරී ඇත්තේ ධනංජය ද සිල්වාටය.

දසුන් ශානක - නායක, ධනංජය ද සිල්වා - උප නායක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ

යන ක්‍රීඩකයින්, 15 දෙනාගේ සංචිතයට ඇතුළත්ව තිබේ.

නුවන් ප්‍රදීප්, පුළින තරංග, ළහිරු කුමාර, ළහිරු මධුසංඛ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top