Sep 15, 2021

ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කුසල්ට වරම්; ළහිරුට වරම් නෑ

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඕමානයට එරෙහි විස්සයි - 20 තරගාවලිය හා පන්දුවාර විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට ගැටලුවක් නොමැති බව වාර්තා වේ.
 
ඒ ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධය සුළු මස් පිඩු ඇදීමක් පමණක් බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇති නිසාය.
 
ආබාධය නිසා ඔහුට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතු වී තිබුණ ද අද පස්වරුවේ ලැබුණු වෛද්‍ය පරීක්ණවල ප්‍රතිපල අනුව එවැනි අවධානමක් නොමැති බවට තහවුරු වී ඇත.
 
ආබාධයකට ලක් වූ ළහිරු මදුෂංකට එළඹෙන විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවට වාර්තා වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top