මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙම සංචාරයට එක ටෙස්ට් තරගයක් පමණක් හා එක්දින ජාත්‍යන්තර තරග වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරනු ලැබුවේ සංචාරක සිම්බාබ්වේ පිලේ ඉල්ලීමකට අනුව බවයි.
මුලින් සාදනු ලබන තරගාවලි කාලසටහනට ටෙස්ට් තරග දෙකක් හා එක්දින ජාත්‍යන්තර තරග 3ක් අයත් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මෙම සංචාරයෙන් අනතුරුව ටෙස්ට් තරග 3ක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් හා පන්දුවාර විස්සයි විස්ස තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතය.