Oct 13, 2021

LPL අන්තිම 4 හම්බන්තොටදී Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් 05 වැනිදා ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ගාල්ල හාා යාපනය කණ්ඩායම් අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තරගයෙන් තරඟාවලිය ආරම්භ කිරීමට නියමිතය.

මුලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමෙන් අනතුරුව අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට තරඟ 24ක් ඇතුළත් අතර මුල් තරඟ 20 ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන අතර අවසන් වටයේ තරඟ 4 හම්බන්තොට දී පැවැත්වේ.

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ කාලසටහන පහතින් දැක්වේ.

සබැඳි පුවත්

LPL වෙන්දේසිය මේ මස අගදී

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචිය ඇරඹෙයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top