Oct 13, 2021

මැතිව්ස් පුහුණුවීම් ආරම්භ කළ බව SLCය දන්වයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී පුහුණුවීම් ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එළඹෙන තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට තමන් සූදානමින් සිටින බව ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවද ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට මැතිව්ස් පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

යළි ක්‍රිකට් පිටියට පිවිසීමට මැතිව්ස් තීරණය කිරීමත් සමග ඔහු ලබන 27 වැනිදා ආරම්භ වන දේශීය තරග වාරය සදහා කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද එක්වීමට ඇන්ජලෝ මැතිව්ස් අපේක්ෂාවෙන් සිටින අතර එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ඇන්ජලෝ මැතිව්ස් එක්විමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top