අප්‍රේල් 27, අප්‍රේල් 29 හා මැයි 01 යන දින වල ඇරඹෙන මෙම තරගාවලිය කත්මන්දු හි ත්‍රිභූවන් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
නේපාලය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා වලට 60 වසරක් නිමිත්තෙන් පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තයන් වන සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, චමින්ද වාස් හා උපුල් චන්දන ද එක් වේ.
මීට අමතරව, උපුල් තරංග, රංගන හේරත්, දිල්ෂාන් මුණවීර, ෆර්වීස් මහරූෆ්, සචිත්ර සේනානායක හා චාමර ද සිල්වා වැනි වත්මන් ශ්‍රී ලාංකික ක්‍රිකට් කිහිපදෙනෙකු ද මෙම තරගාවලියට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල අරවින්ද ද සිල්වා ගේ නායකත්වයෙන් ද නේපාල පිල පරාස් ඛඩ්කා ගේ නායකත්වයෙන් ද පිටියට පිවිසෙනු ඇත.
මෙම තරගාවලිය අතරතුරේදී නේපාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වන උත්තම් කර්මචර්යා හා නේපාල කාන්තා ක්‍රිකට් නායිකා - නාරි තාපා ඇතුළු කිහිපදෙනෙකු සම්මානයට ද පාත්‍ර වීමට නියමිතය.
(cricketcountry.com ඇසුරෙනි)